You are here

අවිද්‍යා සම්ප්‍රයුක්ත ආයතනයක ඉපදීම

අවිද්‍යා සම්ප්‍රයුක්ත ආයතනයක ඉපදීම

ආයතනයන් පටිච්ච සමුප්පන්න වන ප්‍රත්‍යයන් සහ ආයතනයන් ගේ ප්‍රත්‍ය තාවයෙන් පටිච්ච සමුප්පන්න වන හේතුන් පිළිසිඳ දැකීම ආයතනයන්ගේ යතාභුත බව පිළිසිඳ දැකීමයි.මෙය ධර්ම මාර්‍ගයෙහි ඉතා සිවිශේෂී කඩඉමකි. එසේ නොදැකීමේ ආදීනවය, කෙනකු ධර්ම මාර්‍ගය තුලම මිත්‍යා දෘෂ්ටිකත්වයට පත්වීම හැර අනිකක් නොවේ....
ආයතනයක ඉපදීම් යනු හේතුන් ගෙන් විද්‍යාමානවන ආද්‍යාත්මික නාමධර්මයක පහළවීමකි. එය අනාත්මීය, අනිත්‍යයකි. ආයතනික කෘත්‍යයට ආවේනික හේතුන්ගෙන් හටගෙන හේතූන් නිරුධ වනවාත් සමගින් නිරුද්ධ වන විඥානයකි.

ආයතනයකින් වියහැක්කේ එම ආයතනික කෘත්‍යයට අදාල උපේක්ෂා මට්ටමේ (මෝහ සම්ප්‍රයුක්ත) විඥානයක් විද්‍යාමාන වීම පමණකි.එය දැනීම්, හැඟීම් ඇති තත්වයක් නොවේ. අනෙකුත් සියලු ආයතනයන් ගෙන් ලත් අතීත උපාදාන එකතුවකින් එම උපේක්ෂා තත්වයේ ආරම්මණය සංස්කරණය වී වෙනස් නාම රුපයක පිළිබිඹුවක් මනෝ විඥානය තුලින් විද්‍යාමාන වේ.පෘතග්ජන මනස එම විද්‍යාමාන වුව භාහිරයට පවරයි.

මෙය......අවිද්‍යාසම්ප්‍රයුක්ත මනෝභාවයක් තුල ආයතනයක ඉපදීමේ පටිච්ච සමුප්පන්නයයි. එනම් අයෝනිසෝ මනසිකාරයෙන් පටිච්ච සමුප්පන්න වන ආයතනයක උපතයි.......

අවිද්‍යාසම්ප්‍රයුක්ත මනෝභාවයක් තුල.......තියන දේ...... දක්නා, අසනා හෝ දැනෙන ලද්දාවු දේ.....නොවනබව බුදුන් වදාල යථාර්තය මෙයයි.

මෙයින් විද්‍යාමාන වන ගැඹුරු යතාර්ථය නම්......ආයතන පිළිසිඳ දක්නාලද්දාහට..... පවතින්නාවු ලෝකයක් ආයතනයන්ගෙන් හමුවීමක ස්වභාවයක් නොපිහිටන බවකි. .......... ඔහු අත්විඳින්නේ සම්මාදිට්ටියෙන් දක්නාලද .....අනිත්‍ය වූ.... ආයතනයන්ගේ උපතේදීම හමුවන....නිරෝධයෙහිදීම නිරෝධ වන අනාත්මිය ලෝකයක් පමණකකි....මෙම සත්‍යය ජීවිතය කරගත් සැම .... සියල්ල නිමකළ ආර්‍යයන් වන්නේය.....!

දෙශකයානන් මෙම ගැඹුරු ධර්මතා මෙහි ඉතා සරලවත් පැහැදිලිවත් මනාව පහදා දේ.
සියල්ලන්ගේ ධර්ම ඇස පෑදීමට වෙරදරන එතුමා හට උතුම් වූ නිර්වානාවභෝදය සාක්ෂාත් වේවා.
සියල්ලන්ගේ ධර්ම ඇස පෑදෙවා.

තෙරුවන් සරණයි.

Date of recording: 
08.06.2013