You are here

ලෝකය..?

ලෝකය..?

බුදුන් හෙලිකල උතුම් ධර්මයෙහි සහ අනිකුත් සියලුම දහම් අතර මුලික වෙනසක් වන්නේ එම විග්‍රහයන් තුල ඇති "ලෝකය" යන සංකල්පයෙහි විග්‍රාහාත්මක වෙනසයි. අන් සියලු ආගම්, සත්වයාහට සදා සුපුරුදු..... පෙනෙන දැනෙන බාහිරව "ඇති" ලෝකයක ධර්මතා සහ එහි ඇතිවීම හෝ මැවීම පාදක විග්‍රාහයකින් සමන්විත වන අතර අප මහා සම්බුදු වරයාණන් වහන්සේ ඒ සියලු දෘෂ්ටින් උඩුයටිකුරු වන දහමකින් "ලෝකය" යන්නෙහි යතා භූත භාවය දෙසා වදාළ සේක...!

තවද ලෝකයෙන් එතෙර වූ අන් කිසිදු ආගමක් ,දර්ශනයන් නොදකින ලෝකෝත්තර
දහමක් හෙලිකලසේක.

"ලෝකය" පවතින්නේ භාහිරයෙහි නොව, සත්ව චිත්ත සන්තානය තුලම බවත් "ලෝකය"
යනු අවිද්‍යා සම්ප්‍රයුක්තව.... සසර සැරිසරන සත්වයාගේ ආයතනයන්ම බවත් පෙර නොතිබූ දහමකින් හෙළිකොට වදාළ සේක.
අවිද්‍යාව හෙතුපාදකව...ආයතනයන්ගේ ස්වභාවයන්,හැකියාවන් හා එයට අරමුණුවන භාහිර මහා භූත යන්ගේ ස්වභාවයන් පිළිසිඳ
නොදක්නා සත්වයා භාහිරින් පැනවුණු ලෝකයක් හා අභ්‍යන්තරහි "මම" කුව දෘෂ්ටි ගත වන බව පෙන්වා දුන් සේක.

චිත්තක්ෂණයක පමණ කාලයක් ආයුෂ යෙන් යුත්, ඉපදී නිරෝදවන, අනිත්‍ය වූ ආයතනයන් හා සමගින්ම .....ලෝකයද.. ඉපදී නිරෝද වී යන ධර්මතාවයක් බව නොදකින පෘතග්ජන විඥානය ...ආයතනයන් ඉපදී නිරෝදවන වේගයෙහි මුලාවන හේතුවෙන් එම වේගයෙන් ගොඩනැගෙන රුප සමුහ, ප්‍රඥාප්තීන් පිළිසිඳ නොදකිමින් ප්‍රපංච (තන්හා,මාන,දිට්ඨි එනම් මම, මගේ,මගේ ආත්මය) ස්වභාවයකින් ඒවා උපාදානයකරගනී. ආයතනයන් ආත්මීයව දකිමින් ආත්මීය වූ පවතින ලෝකයක්ම උපාදානකොට භවය සකසා ගනිමින් සසර සැරිසරයි.

ආයතනයන් අද්යාත්මික ධර්මතාවයක් බවත්, මරණයේදී අවසාන චුතිසිතෙහි පහළවන නිමිත්තට පටිච්ච සමුප්පන්නව ප්‍රතිසන්දිය ඊට ආවේනික භුමියෙහි පිහිටන බවත්, එහිදී කර්මයට අනුකකූලව, ප්‍රතිසන්දි ලබන්නාවූ භුමියට සාපේක්ෂව ආයතනයන් විද්‍යාමාන වන බවත් අපමහා මුනිවරයානන් පසක් කර දේ.

ඒ ඒ භූමින් හි පැනවෙන ලෝකය ඒ ඒ ආයතනයන් හා පටිච්ච සමුප්පන්නව පැනවෙන බවත් මහාභුතයන් හා අනිකුත් පරමාර්ථ
ධර්මයන් හට එම ආයතනයන් ගේ ගෝචර ස්වභාවය භූමියට අනුව වෙනස්වන බවත්.... එනම්..... භූමින් වශයෙන් වෙන්වන්නේ එම සාපේක්ෂ කර්මය විසින් විද්‍යාමාන කල ආයතනයන්ගේ ස්වභාවයෙන්ම බවත් පසක්කර දුන්සේක.

තවද මෙම "ලෝක" දෘෂ්ටිය තුලද.... සතර අපායට නොවැටී සිටිය හැකි ලවුකික සම්මා දිට්ටියක් ද අප මහා බුදුන්වහ්සේ වදාරයි. කම්මස්ස කතා සම්මා දිට්ටිය, සසරින් මිදිමකින් තොර වුවද සතර අපායෙන් මිදීමට පිටුවහලක් වීම සඳහා සත්වයා හට මහා කරුණාවෙන් වදාළ සේක. මෙය, ලෝකෝත්තර ප්‍රඥාව සාක්ෂාත් කරගැනීමට අරමුණු කරනා සත්වයා හට ඒ තෙක් කදිම නවාතැන් සකසා දීමක් නොවන්නේද..?

ලෝකෝත්තර සම්මා දිට්ටිය නම් ලෝක නිරෝදය පිළිසිඳ දැකීමයි.
ලෝකයෙන් මිදීම යනු , ලෝකය විද්‍යමාන කරනා ප්‍රත්‍යයන්ගේ නිරෝදයම බවත්. ඒනම්.... නොපවතින ලෝකයක් මවනා..... ආයතනයන්ගේ යතාභුත භාවය පිළිසිඳ දැකීමෙන් ලබනා ස්පර්ශ නිරෝදයම බවත්ය. එයින් පටිච්ච සමුප්පන්නවන උපාදාන නිරෝදයෙන් ලෝකනිරෝදයද....සියල්ලන්ගේම නිරෝදය වන නිර්වානයද බව බුදුන් වදාළ ඒ ගැඹුරු දහමයි.

සුපුරුදු ලෙස......සරලව දහමේ ගැඹුරට ඔබ රැගෙන යන රවී කොග්ගලගේ අදුරු තුමාගේ මෙම දෙශනාවෙන්...බුදුන් වදාළ...එම ආයතනයන්ගේ යතා ස්වභාවයත්, ආයතනයන් විද්‍යාමාන කරනා ලෝකයත් මනාවවටහා ගනු ඇති.

එතුමාගේ ධර්ම ඥානය තවතවත් වැඩේවා....!
සියලු දෙනාගේ දහම්ඇස පෑදෙත්වා ...!

තෙරුවන් සරණයි.

Date of recording: 
29.06.2013