Audio discussions and desana
දුක්ඛේ අංඥානං.... සදා දුකෙහිම ගැලී සිටිනා සත්වයා දුකෙහි අඩු වැඩි බවින් හමුවන විවිධත්වයක සහනකාරි බව සැප ලෙස දකී. දුක තුල හමුවූ එම සැපයට ලොබ බඳිමින් හා එය නොලබන විට ද්වේශය උපදවමින් දුක තුල ඇතිකරගත් සැපක් හා ඇලේ ගැටේ.
අවිද්‍යාව හේතුවූ කර්මයෙන් හටගත් ආයතනයන්ගෙන් විද්‍යාමාන වන ලෝකය, අවිද්‍යාව හේතුවූ ඵලයන් නැවතනැවතත් අවිද්‍යාව හෙතුවීමෙන්ම හටගත් ඵලයකි. ඵලයක් පැවැත්ම ලෙස පරිහරණය කරන්නකු හට, එම ඵලය හේතුවකින් හටගත් බවකින් කිසිදා හමුනොවන්නේනම්, ඵලයෙහි විකාශනය වියෝව දුකක් ලෙස හමුනොවී සිටියහැකි වේද?
Subadraramaya nugegoda
Pallewela
Dr. Ravi-05.10.2013 සක්කාය දිට්ඨිය මධ්‍යම ප්‍රතිපදාව සහ හේතුඵල දහම
සත්වයා පුද්ගල භාවයක් දැරීමේ දෘෂ්ටිය සක්කාය දිට්ඨියයි. එනම් මමය, මාගේය සහ මාගේ ආත්මය යන වූ මනොභාවයකින් යුත් පුත්ගල භාවයකින් දෘෂ්ටිගත වීමයි.
තම රුපයම තම ආත්මය බවකින්, රුපය තුල තම ආත්මය පවතින බවකින්, එම රුපය පාදකව ආත්මය පවතින බවකින් හෝ ආත්මය පාදකව රුපය පවතින බවකින්ද යන සතර ආකාර අනුරූපීවූ, අනිකුත් ස්කන්දයන් වන වේදනා සංඥා සංකාර විඥානයද යතෝක්ත අයුරින් එලෙසම ගැනීමේ දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වීමයි.