Audio discussions and desana
පෙර අවිද්‍යාසම්ප්‍රයුක්ත කර්මයත් තණ්හාවත් ආහාරයත් හේතුව හටගැනුනු මෙම ආයතනයන්, මෙතෙක් අප සංසාරයෙහි අවිද්‍යාව සම්ප්‍රයුක්තව ආ ගමනේදී අත්විඳි ලෝකයම නැවත අත්වින්දවිමට ඔබින අයුරින් මෙවරත් සැකසී සිටි. එය, සසරෙහි බුදු නුවනක් හමු නොවූ හේතුවෙන් සම්මා දිට්ඨියක් හමුනොවිමෙන්, අවිද්‍යා සහගත පැවැත්මම අදහමින්, තෘෂ්ණාවෙන් උපාදාන කරගත් භව ගමනනෙහි නවතම නිපැයුමයි.