Audio discussions and desana
Pallewela
Dr. Ravi-05.10.2013 සක්කාය දිට්ඨිය මධ්‍යම ප්‍රතිපදාව සහ හේතුඵල දහම
සත්වයා පුද්ගල භාවයක් දැරීමේ දෘෂ්ටිය සක්කාය දිට්ඨියයි. එනම් මමය, මාගේය සහ මාගේ ආත්මය යන වූ මනොභාවයකින් යුත් පුත්ගල භාවයකින් දෘෂ්ටිගත වීමයි.
තම රුපයම තම ආත්මය බවකින්, රුපය තුල තම ආත්මය පවතින බවකින්, එම රුපය පාදකව ආත්මය පවතින බවකින් හෝ ආත්මය පාදකව රුපය පවතින බවකින්ද යන සතර ආකාර අනුරූපීවූ, අනිකුත් ස්කන්දයන් වන වේදනා සංඥා සංකාර විඥානයද යතෝක්ත අයුරින් එලෙසම ගැනීමේ දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වීමයි.