දිටඨිඤච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ....
(දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම..)
දෘෂ්ටිය යනු අයහපත් දැකීමයි. අයහපත් දැකීම යනු පැවැත්මෙහි යතාභුත බව නොදැකීමයි.
විවිධ භුමින්හී, කර්මානුරුපව විද්‍යාමානවීඇති ආයතනයන්හට සාපේක්ෂව
(පටිච්ච සමුප්පන්නව)එම භූමියට අවේනික ලෝකයක් පැනවී ඇත.
අවසාන භවයෙහි අවසානයට උපන් චුති සිතෙහි පහලවූ නිමිත්තට අනුරූපව ප්‍රතිසන්ධි ලැබිය යුතු භුමිය, ඊට අනුරුපව ආයතනයන්ගේ සුදුසුකම හා අනිකුත් සැමදේ එම කර්ම නියාමයන්ට අනුව එහි
විද්‍යාමානව පවතියි....... පහලවන ප්‍රතිසන්ධි භවාන්ගයෙන් එම සැලසුමෙහි ඵල
විද්යාමානකරන අතර ආයතනයන්, භුමියෙහි හේතු ප්‍රත්‍යයන්ට පටිච්ච් සමුප්පන්නව
විද්‍යාමානවේ.
මෙය ගර්භාෂයක සහ අනිකුත්.... හෝ ඕපපාතිකව පහළවන සියලු භුමින්හට පොදු ධර්ම තාවයකි.
එම එක් එක් භුමින්හී කර්මානු රුපව විද්‍යාමාන වු ආයතනයන්ගේ දැකීම් දැනීම් ස්වභාවය රළු සියුම්බව, ගඳ සුවඳ, හොඳ නරක සහ සියලු දේ... එම ආයතනයන් ගේ හැකියාවනට සාපේක්ෂව භාහිරයෙහි පවත්නා හේතුන්හට පටිච්ච සමුප්පන්නව අත්විඳියි...
මෙයද හේතු පල දහමයි.
එනමුත් ලෝකෝත්තර වශයෙන්..කිනම් භූමියක හෝ ලෝකයක් පැනවි ඇතිභවම..... දෘෂ්ටියයි..............
බාහිරයෙන් ඇති ලොවක් අත්විඳින, පැවැත්මක් සහිත බවකින් ඇති ආයතන පරිහරණය කරනා "මම"කු පැනනැගීමයි. අවිද්‍යාව හෙතුපාදකව ආයතනයන් පිළිසිඳ නොදැකීම හේතුවෙන් උච්චේද දෘෂ්ටියක් හා බැඳුනු සක්කාය දිට්ටියක පහලවිමයි..
ආයතනයන් පවතින්නේනම් දෘෂ්ටියද පවතින භව බුදුන් වදාළහ.
ආයතනයන් ගේ ආද්‍යාත්මික සැබෑ ස්වභාවය පිළිසිඳ දක්නාතුරු....ආයතනයන්ගේ අනිත්‍ය භාවය අවභොධ කරගන්නාතුරු....ආයතනයන්ගේ අනිත්‍යතාවය පිළිසිඳ දැකීම තුලින් ආයතනයන් හා සමගින්ම ඉපදී ආයතනයන් හා සමගින්ම නිරෝධ වන "ලෝකයක්" පිළිසිඳ දකිනා තුරුම......පුද්ගලයා ආත්මීය භවකින් දකිනා ආයතනයන් හා දෘෂ්ටි ගතවේ. භාහිර ලෝකයක් හා ලෝකයක් අත්විඳිනා සක්කාය දිට්ටියෙහිම ගැලේ. ජාති ජරා මරණ දක්වාම දිවෙන පටිච්ච සමුප්පාද චක්ක්‍රයෙහිම කැරකේ.
ප්‍රතිසන්ධි විග්‍රහයකින් පටන්ගන්නා මෙම දේශනාව ආයතන පිළිසිඳ දැකීම සහ ආයතන නිරෝදයෙහි ස්වභාවය දක්වා ගැඹුරට විහිදීයයි. වටහාගත හැකි අයුරින් සරලව දේශකයාණන් මෙහිදී කරුණු පහදාදේ.
එතුමාගේ ධර්මාවභෝදය තව තවත් දියුනුවෙවා....! සියලුදෙනාගේ ධර්ම ඇස පෑදේවා.....!
තෙරුවන් සරණයි.
෴