අවිද්‍යාව සහ ලෝක දෘෂ්ඨිය
අපතුල ඇති සියලු අවිද්‍යාවන්ගේ එකතුව..... එම එකතුවෙහි පිලිබිබුව..... "අපවෙත විද්‍යාමානව පවතින..... මේ අත්විදිනා ලෝකයයි......"
භාහිරයෙහි පවතින මහා භූතයන් ගති ස්වභාවයකින් පමණක්ව තිබියදී ඒවායේ .... උපාදාය රූපයන් විසින් ආයතනයන් වෙත විද්‍යාමාන කරනා චක්කු, සොත, ජිව්හා,ඝාන, පොට්ටබ්භ රුපයන්ගේ යතාභුත බව නොවැටහීමෙන්, ඒවාට රැවටී, එවා ......තියන බවකින් තදින් පිළිගැනීමේ අවිද්‍යාවේත් ....
මෙම විද්‍යාමාන වන රුපයන් විඥානය විසින් සකස් කල විඥානයෙහි විද්‍යාමාන වූ වක් බව නොදැන එය භාහිරය ලෙස පිටතින් දකිමින් අභ්‍යන්තරයෙහි "මම" කෙනකුන් බිහි වූ අවිද්‍යාවේත් .....
ආයතනයන්ගේ යතා ස්වභාවය වන ....අරමුණු, ස්පර්ශය සමගම ඉපදී නිරෝදවන අනිත්‍යවූ, ආද්‍යාත්මීය ස්වභාවය නොවැටහීමේ අවිද්‍යාවේත් ....
ආද්‍යාත්මික ධර්මතාවයන් වූ ආයතන සියල්ල..... වරකට එක බැගින් ඉපදී නිරෝද වෙමින්.....අතිවෙගයෙන්අරමුණු විද්‍යාමාන කිරිම සහ ......එමවෙගයෙන්ම පංච උපදානස්කන්දය විසින් උපාදිනීය නාමධර්මයන්ගෙන් සංස්කරණය වන වේගයෙහි අනාවබෝදය තුලින් ආයතනයන් ආත්මීයව දැකීමේ....අවිද්‍යාවේත්
ආයතනයන් යනු කර්මයට අනුව සැකසුනු, කර්මයට පටිච්ච සමුප්පන්නව විවිද භූමින් ට සාපේක්ෂව විවිධත්වයක් දරනා... ආද්යාත්මික ධර්ම තාවයක් බව නොවැටහීමේ අවිද්‍යාවේත් .... පටිච්ච සමුප්පන්න බව....... "අපවෙත විද්‍යාමානව පවතින..... මේ අත්විදිනා ලෝකයයි......"
මෙලෙස අවිද්‍යාව හේතුපාදකව භාහිරයෙහි විද්‍යාමාන වූ ලෝකය, අභ්‍යන්තරයෙහි හටගත් සක්කාය දිට්ටියකින් පරිහරණය කරනා, මුලාවූ සත්වයා....සිහිමුලාවෙන්ම .....මවාගත් සිහිනයක සිහින වස්තුන් කෙරෙහිම ඇලෙමින් ගැටෙමින් රාග, ද්වේශ, මෝහ මුලයන්ගෙන් හටගන්නා කෙලෙස් හෙතුපාදකව ඊ ට පටිච්චසමුප්පන්නව කර්මයන් හා විපාකයන්ද අත් විඳිමින්, නිමක් නැති සංසාරයෙහි නිමක් නැති ක්‍රියා ධාමයක පැටලී සිටී.
විද්‍යාමාන වී ඇති ලෝකයෙහි පෙනෙන වස්තුන් හී ව්චිත්‍ර බවක් නොමැති බවත් මේ පෙනෙනඇසෙන සහ දැනෙන සියල්ලෙහි විචිත්‍ර බව පුත්ගලයාගේ සිත තුලම ඇති සංකල්ප ම පමණක් බවත් මෙමයතාර්ථය බුදුරජානන් වහන්සේ නොයෙක් පරියා ධර්මයන්ගෙන් පෙන්වා දුන් සේක.මෙහි සමුදය,නිරෝද මාර්ගය දත්තා..... ප්‍රතිපදා වැඩීම තුලින් කෙලෙස් නිමා කොට විමුක්තිය ලඟා කරගන්නා බවත් බුදුන් වරෙක මේ අයුරින්වදාළ සේක.
“න තේ කාමයානි චිත්‍රානි ලෝකේ - සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ
තිට්ඨන්ති චිත්‍රානි තථේව ලෝකේ - අතෙත්ථ ධීරා විනයන්ති ඡන්දං”
ලෝකයේ ඇති අපමණ විචිත්‍ර දේ කාමයෝ නො වෙති. කාමය වනාහි එකී විචිත්‍ර දෙය කෙරෙහි පුරුෂයාගේ සන්තානයෙහි ඇති වන ලාමක රාග සංකල්පනාව ම ය. එහෙයින්, විචිත්‍ර දේ ලොව එසේ ම තිබියදී නුවණැත්තෝ ඡන්දය හෙවත් ආශාව දුරු කරති.
එක් එක් ධර්ම තාවයන් සියුම්ව දිගහරිමින්, පහදා දෙමින්, උදාහරණ පාමින් දේශකයාණන් මනාව මෙම හේතු පල දහම ගැඹුරින් මෙහි පහදා දෙයි. එතුමාගේ පුළුල් ධර්මාවභෝදය තවතවත් දියුණුවී විමුක්තිය ලඟාවෙවා........!
සියලු දෙනාගේද දහම් ඇස පෑදේවා ඒ තුලින් විමුක්තිය ලඟාවෙවා........!
තෙරුවන් සරණයි.
෴