You are here

භාවනාව සමාධිය සහ ධ්‍යාන වැඩීම

11.05.2013 දින නුගේගොඩ සුභද්‍රාරාමයේදී ආචාර්ය රවී කොග්ගලගේ මහතා විසින් පවත්වනු ලැබූ සාකච්චාමය ධර්ම දේශනාව.

මෙහිදී ආරම්භයේදී අසනලද ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන්, භාවනාව සහ ධ්‍යාන වැඩිම ගැන පැහැදිලි කිරීමක යෙදුනි. සමාධියෙන් ධ්‍යාන වලට සමවැදීමට හුරු කරගන්නා ලද සිත, වඩනාලද මට්ටමට අනුව මරණයේදී පටිච්චසමුප්පන්න වන ප්‍රතිසන්ධි සහ ප්‍රතිසන්ධි ලබන්නාවූ භූමින්ගැන විස්තර කිරීමක යෙදුනි.

ගරුතර වටගොඩ මග්ගවිහාරි හිමිපාණන්ගේ 'කර්මය' පිලිබඳ අභිධර්ම දෙශනා මාලාවේ දේශනාවක්ද මෙයට ඇතුලත් කිරීමට අදහස්කලේ, මෙම භූමින්ගේ විස්තර සහ එම භූමින්හී ප්‍රත්සන්ධි ලැබීමේ පටිච්ච සමුප්පන්න තාවයේ අභිධර්ම විග්‍රහයද මෙම අවබෝධයට පිටුවහලක් වේයැයි හැඟුණු හෙයිනි.

ගරුතර හිමිපාණන්ටත්, ආචාර්ය තුමාටත් උතුම්වු නිර්වාණාවභෝදය පහළවේවා!
සියලුම දෙනාට ධර්මාවභෝදය දියුණුවී විමුක්තිය ලඟාවෙවා ....!

තෙරුවන් සරණයි.

Comments

ksarath's picture

කෝට්ටේ සුමන මහා තෙර විසින් දෙසන ලද සමාධි භාවනාව ගැන ඉතා වටිනා අදහසක් ටිකක්.
කෝට්ටේ සුමන මහා ස්වාමින්වහන්සේට ධර්මාවබෝධය ලැබී සසර කෙටි වීමට හේතු වාසනා වේවා.