Dr. Ravi-05.10.2013
සක්කාය දිට්ඨිය මධ්‍යම ප්‍රතිපදාව සහ හේතුඵල දහම
සත්වයා පුද්ගල භාවයක් දැරීමේ දෘෂ්ටිය සක්කාය දිට්ඨියයි. එනම් මමය, මාගේය සහ මාගේ ආත්මය යන වූ මනොභාවයකින්
යුත් පුත්ගල භාවයකින් දෘෂ්ටිගත වීමයි.
තම රුපයම තම ආත්මය බවකින්, රුපය තුල තම ආත්මය පවතින බවකින්, එම රුපය පාදකව ආත්මය පවතින බවකින් හෝ
ආත්මය පාදකව රුපය පවතින බවකින්ද යන සතර ආකාර අනුරූපීවූ, අනිකුත් ස්කන්දයන් වන වේදනා සංඥා සංකාර
විඥානයද යතෝක්ත අයුරින් එලෙසම ගැනීමේ දෘෂ්ටියෙන් දෘෂ්ටිගත වීමයි.
සක්කාය දිට්ඨිය නම්, සත්වයෙක් පුද්ගලයෙක් නොවූ නාම රුපයන් ගෙන් හටගැනෙන ක්‍රියා ධාමයක් කෙරෙහි සත්ව සන්තානය
තුල හටගැනෙන අවිද්‍යාව හේතුපාදකවූ දෘෂ්ටියකි. අවිද්‍යාව හේතුවෙන්, ආයතනයන්ගේ ත්‍රිලක්ෂණයෙහි අනාවභෝදයෙන්,
සතර මහා භුතයින්ගෙන් හටගත් උපාදාය රූපයන් හා ඒවායින් පටිච්ච සමුප්පන්නවූ නාමධර්මයන් ආත්මීය බවකින්
සංකාරයන් වීමෙන්, එයින් ලෝකයක් විද්‍යාමානවීම හා ඒ හා ගනුදුනු කරනා කෙනකු හටගැනීමේ යථාර්ථයයි.
පුත්ගල ආත්මීය බවක් දැරීම උච්චේද දෘෂ්ටිගත වීම බව සහ එහි අනාත්මිය බවකින් පිහිටීම ශ්වාස්වත දෘෂ්ටිගත වීම බව
පෙන්වාදුන් අප මහා මුනිවරයානෝ ලොවට හසුනොවන මධ්‍යම ප්‍රතිපදාවකින් මෙහි පවතින යථාර්ථය වන හේතු පල දහම
හෙලිකල සේක.
අවිද්‍යාව පාදක හේතුන්ගේ සකස්විමකින්ම හටගන්නා මෙම දෘෂ්ටිය දුරුවීම එම හේතුන් ගේ දුරුකිරීමම බව වදාළ සේක.
එය ඇතිබවක හෝ නැති බවක ස්වභාවය ඉක්මවූ හේතුන් සකස්වුවේ නම් ඇතිබවක් ඇති හා හේතුන් නිරෝධ වූයේනම්
පැවැත්මෙහි නිරෝධ වන බවක් පසක් කර දීමකි.
මෙහි නිරෝධ කිරීමේ මාර්ගය අනිකක් නොව, ආර්‍යය අෂ්ටාංගික මාර්‍ගයම බව බුදුන්ගේ අනුසසනාවයි.
වෙනස් අයුරකින් ධර්මතාවයන් පරිහරණයේ හි යෙදෙමින් දෙශකයානන් සක්කාය දිට්ඨියත් එහි සමුදයත් සහ නිරෝධයත් මනාව මෙහි පැහැදිලිකරදේ.
දේශක කල්‍යාන මිත්‍රයානන්ගේ ධර්මාවභෝදය තව තවත් වැඩේවා ....!
සියලු දෙනාගේ දහම් අස පෑදේවා.....!
තෙරුවන් සරණයි.
෴