දුක්ඛේ අංඥානං....
සදා දුකෙහිම ගැලී සිටිනා සත්වයා දුකෙහි අඩු වැඩි බවින් හමුවන විවිධත්වයක සහනකාරි බව සැප ලෙස දකී.
දුක තුල හමුවූ එම සැපයට ලොබ බඳිමින් හා එය නොලබන විට ද්වේශය උපදවමින් දුක තුල ඇතිකරගත් සැපක් හා ඇලේ ගැටේ.
අවිද්‍යාව හේතුවූ කර්මයෙන් හටගත් ආයතනයන්ගෙන් විද්‍යාමාන වන ලෝකය, අවිද්‍යාව හේතුවූ ඵලයන් නැවතනැවතත් අවිද්‍යාව හෙතුවීමෙන්ම හටගත් ඵලයකි.
ඵලයක් පැවැත්ම ලෙස පරිහරණය කරන්නකු හට, එම ඵලය හේතුවකින් හටගත් බවකින් කිසිදා හමුනොවන්නේනම්, ඵලයෙහි විකාශනය වියෝව දුකක් ලෙස හමුනොවී සිටියහැකි වේද?