බුදු නුවනින් අවභෝදකරගත්, පැවැත්මෙහි යථාභූත භව බුද්ධ ධර්මයයි.
අවිද්‍යා සම්ප්‍රයුක්ත අස්ඍතවත් සත්වයාගේ චුති කර්මයට අනුකුලව ලබනා ප්‍රතිසන්ධි විඥානයෙන් නිර්මිත ආයතනයන්ගෙන් විද්‍යාමාන වන "ලෝකය" එම යථාභූත ස්වභාවය වසාගත් මොහාන්ධකාරයයි.
එම මොහාන්ධකාරයෙන් මිදී, අවිද්‍යාවෙන් ලද ආයතනයන්තුලින්ම, බුදු නුවනින් දත් යථාභූත ස්වභාවය ප්‍රඥාවෙහි පිහිටවීම මෙහි නිරෝධයයි. එය සාක්ෂාත් කර ගැනීමේ මග ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.
මෙම නිරෝදය සඳහා අවැසි ප්‍රඥාව සමුදය වන ප්‍රතිසන්දීන්හී ප්‍රභේද සහ හේතු පාදකව ඒවා පටිච්ච සමුප්පන්නවන ස්වභාවය මෙහි මනාව විස්තර කෙරේ.