ravi's picture

ත්‍රිලක්‍ෂණ භාවනාව

ravi's picture

English discussion at Pagoda Meditation Center

Importance of Samma ditti

audio-file: 
Date of recording: 
2013-07-14

අවිද්‍යාව සහ ලෝක දෘෂ්ඨිය

අවිද්‍යාව සහ ලෝක දෘෂ්ඨිය
අපතුල ඇති සියලු අවිද්‍යාවන්ගේ එකතුව..... එම එකතුවෙහි පිලිබිබුව..... "අපවෙත විද්‍යාමානව පවතින..... මේ අත්විදිනා ලෝකයයි......"

භාහිරයෙහි පවතින මහා භූතයන් ගති ස්වභාවයකින් පමණක්ව තිබියදී ඒවායේ .... උපාදාය රූපයන් විසින් ආයතනයන් වෙත විද්‍යාමාන කරනා චක්කු, සොත, ජිව්හා,ඝාන, පොට්ටබ්භ රුපයන්ගේ යතාභුත බව නොවැටහීමෙන්, ඒවාට රැවටී, එවා ......තියන බවකින් තදින් පිළිගැනීමේ අවිද්‍යාවේත් ....

Date of recording: 
06.07.2013

ලෝකය..?

ලෝකය..?

බුදුන් හෙලිකල උතුම් ධර්මයෙහි සහ අනිකුත් සියලුම දහම් අතර මුලික වෙනසක් වන්නේ එම විග්‍රහයන් තුල ඇති "ලෝකය" යන සංකල්පයෙහි විග්‍රාහාත්මක වෙනසයි. අන් සියලු ආගම්, සත්වයාහට සදා සුපුරුදු..... පෙනෙන දැනෙන බාහිරව "ඇති" ලෝකයක ධර්මතා සහ එහි ඇතිවීම හෝ මැවීම පාදක විග්‍රාහයකින් සමන්විත වන අතර අප මහා සම්බුදු වරයාණන් වහන්සේ ඒ සියලු දෘෂ්ටින් උඩුයටිකුරු වන දහමකින් "ලෝකය" යන්නෙහි යතා භූත භාවය දෙසා වදාළ සේක...!

තවද ලෝකයෙන් එතෙර වූ අන් කිසිදු ආගමක් ,දර්ශනයන් නොදකින ලෝකෝත්තර
දහමක් හෙලිකලසේක.

Date of recording: 
29.06.2013

සීලය සහ චිත්ත සංවරය

සීලය සහ චිත්ත සංවරය
සිල් සමාදන් වීමේ ශික්ෂාවන්හී කය සහ වචනය හැර චිත්ත සංවරයක් ගැන සැලකිලිමත් වීමක් පිළිබිඹු නොවෙයි. සිල් පද සියල්ලෙහි කාය වචී සංවරය පමණක් ගැන සැලකිලිමත් වී සිතෙන් සිදුවිය හැකි වැරදි නොසලකා හැර ඇත්තේ ඇයි..?
මෙම දේශනාව ඒ ගැන මැනවින් පැහැදිලි කිරීමකි.

තෙරුවන් සරණයි.

Date of recording: 
15.06.2013

දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම

දිටඨිඤච අනුපගම්ම දස්සනේන සම්පන්නෝ....
(දෘෂ්ටියට නොපැමිණ දර්ශනයෙන් සමන්විත වීම..)

දෘෂ්ටිය යනු අයහපත් දැකීමයි. අයහපත් දැකීම යනු පැවැත්මෙහි යතාභුත බව නොදැකීමයි.
විවිධ භුමින්හී, කර්මානුරුපව විද්‍යාමානවීඇති ආයතනයන්හට සාපේක්ෂව
(පටිච්ච සමුප්පන්නව)එම භූමියට අවේනික ලෝකයක් පැනවී ඇත.

Date of recording: 
15.06.2013

අවිද්‍යා සම්ප්‍රයුක්ත ආයතනයක ඉපදීම

අවිද්‍යා සම්ප්‍රයුක්ත ආයතනයක ඉපදීම

ආයතනයන් පටිච්ච සමුප්පන්න වන ප්‍රත්‍යයන් සහ ආයතනයන් ගේ ප්‍රත්‍ය තාවයෙන් පටිච්ච සමුප්පන්න වන හේතුන් පිළිසිඳ දැකීම ආයතනයන්ගේ යතාභුත බව පිළිසිඳ දැකීමයි.මෙය ධර්ම මාර්‍ගයෙහි ඉතා සිවිශේෂී කඩඉමකි. එසේ නොදැකීමේ ආදීනවය, කෙනකු ධර්ම මාර්‍ගය තුලම මිත්‍යා දෘෂ්ටිකත්වයට පත්වීම හැර අනිකක් නොවේ....
ආයතනයක ඉපදීම් යනු හේතුන් ගෙන් විද්‍යාමානවන ආද්‍යාත්මික නාමධර්මයක පහළවීමකි. එය අනාත්මීය, අනිත්‍යයකි. ආයතනික කෘත්‍යයට ආවේනික හේතුන්ගෙන් හටගෙන හේතූන් නිරුධ වනවාත් සමගින් නිරුද්ධ වන විඥානයකි.

Date of recording: 
08.06.2013
ravi's picture

Dhatu manasikara (four elements of matter) meditation English

Date of recording: 
09-06-2013
ravi's picture

පිළිකුල් භාවනාව

ravi's picture

මෛත්‍රී භාවනාව

Pages

Subscribe to Dr. Ravi Koggalage's dhamma discussions RSS