You are here

එල්බ සිටිනා දීර්ග සිහිනයෙන් අවදිවන්න

එල්බ සිටිනා දීර්ග සිහිනයෙන් අවදිවන්න......
අප.....
සංසාරය පුරා, අවිද්‍යාවෙන් පිරුණු ආශ්‍රවයන් හේතුවෙන්, කර්මානුරුපව, ආයතනයන් සහ ඒ ඔස්සේ ගොඩනැගෙන පන්චුපාදානස්කන්දයක්,සැම භවයකදී උරුම කරගත්තෙමු.
ඇත්ත ඇතිසැටියෙන් නොදකිමින් ආයතනයන් මවනා මුලාව සහ ඒ ආනුසාරයෙන් පන්චුපාදානස්කන්දය මවනා "සිහින ලෝකයක" "කෙනකු " වී ලෝභ, ද්වේශ, මෝහ මුල චේතනා ඇති කරගනිමින් ඊට උරුම කර්මපලම අත්වින්දෙමු.

"සිහිනය" යනු මනසේ මැවෙනා සැබෑ නොවන සිතිවිලි පමණක්ම බව දනිතත්.........
බාහිරින් ඇති ස්කන්දයන්ගේ යතාභුත භාවය නොදන්නාකමින් ආයතනයන් මවනා මුලාවෙන්, පන්චුපාදානස්කන්දය ගොඩනගනා සිහින "ලෝකය" සැබෑ "ලෝකය"ක් ම ලෙස අප අදහමු........

සිහිනයෙහි "කෙනකු" වී සිහින වස්‌තුන්හා ඇලීම් ගැටීම් ඇතිකර ගනිමු, විටෙක ඒවාට මෛත්‍රී කරමු, විටෙක එහි අනිත්‍ය අනාත්ම භාවය දකිමු....... සිහිනයෙහි 'සිහින බව නොදකිමින් මුලාවෙහිම පැටලෙමු.....

මෙම සිහිනයෙහි සිහිනබව පහදාදිය හැක්කේත් ඉන් අප අවදි කල හැක්කේත් සම්මා සම්බුදුවරයකුටම පමණකි.....
උන්වහන්සේ කෙනකුන් විසින්... සැඟවි අති යතාර්ථය ලොවට හෙලිකරනා ධර්මයකින්ම පමණකි.....
එම යතාර්ථය පහදාදිය හැකි කල්යානමිත්‍ර භික්ෂුන්වහන්සේලා, එනම් තෙරුවන්ටම පමණකි.....!

ධර්මයෙහි ගැඹුරු ස්ථාන මැනවින් පහාදාදෙන උතුම් කල්‍යාන මිත්‍ර රවී කොග්ගලගේ අදුරු තුමා හට උතුම් වූ නිර්වානාවභෝදය සාක්ෂාත් වේවා......!

තෙරුවන් සරණයි

෴.

Date of recording: 
16.02.2013