You are here

පටිච්ච සමුප්පන්න ධර්මතා අවබෝධය සහ ධර්මය දැකීම.

පටිච්ච සමුප්පන්න ධර්මතා අවබෝධය සහ ධර්මය දැකීම.

පටිච්ච සමුප්පාදය යනු බුද්ධ භාෂිතයේ ගැඹුරු ධර්මතා විග්‍රාහයකි. එනිසාම එය දැකීම ඉතා දුෂ්කර බවත්, තර්කයට ගෝචර නොවන, සියුම් නුවණින් යුතු ප්‍රඥාවකින් පමණක් අවබෝධ කරගනු ලබන ධර්මතාවයක් බවත් අප මහා බුදු රජාණන් වහන්සේ වදාළ සේක. "යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකී" යයි බුදුන් වදාළේ එබැවිනි.

පටිච්ච සමුප්පාදය යනු අවිද්‍යාව හේතුවෙන් , හේතු-ඵල පැවැත්මෙන් නැවත නැවත උපදිමින් සංසාරයෙන් මිදීමට නොහැකිව සත්වයන් දුකෙන් දුකට පැමිණෙන ආකාරයයි. එනම් චතුරාර්ය සත්‍යය පිළිබඳ අවබොධතා ඥානයක් නොමැති කමෙහි හේතුවෙන් හටගත් අවිද්‍යාවෙන් සකස් වන හේතුන් හා පලයන්ගේ සාපේක්ෂ ක්‍රියාදාමයයි.

සංකත යනු හේතුන්ගෙන් සකස් වූ බවකි. සංකත ධර්මතා යනු හේතුන් ඇතිවිට සකස්වන හේතුන් නිරෝධය වනවිට ඉතිරි නැතිවම නිරෝධය වන ධර්මතාවේ. එහෙයින් සියලු ධර්මතා සංකතයන්ය.

සියලු සංකත ධර්මයන් හේතු ප්‍රත්‍යයන්ගෙන් සකස්වුණු ඵලයන් බවත්, එම හේතු ප්‍රත්‍යයන්ද..... ඒවාට හේතුවූ....හේතු ප්‍රත්‍යයන්ගේම ඵලයන්වන සංකත ධර්මයන් බවත්, සකස් වන ඵලයන්ද තවත් ඵලයකට
හේතු වන හේතු ප්‍රත්‍යයක් බව....ආදීවශයෙන් හේතු ප්‍රත්‍යයනට ඵලයන් සහ සෑම ඵලයනටම හේතූන් ලෙස සංකත ධර්මයන් විද්යාමාන බවකින් සකස්ව පවතින බවත් ධර්මයේ ඉගැන්වීමයි.
මෙය, යතාභුත වශයෙන් නොපවතින.... අවිද්‍යාවෙන්ම සකස්වු සංකත ධර්මයන්ගෙන් යුත් අවිද්‍යා සම්ප්‍රයුක්ත පෘතග්ජන පුත්ගල මනෝභාවයක සැකැස්මයි. පෘතග්ජන පුත්ගල මනෝභාවයෙහි විද්‍යාමානව පවතින භවයත්, ලෝකයකත් සැකැස්මයි.
පවතින බවේ දෘෂ්ටියයි.
මෙලෙස සකස්වන සංකත ධර්මයන්ගේ සකස්වීමේ ධර්මතා සම්මා දිට්ඨියෙන්යුතුව පඥාවෙන් දැකීම එම හේතු ප්‍රත්‍යයන් නිරෝදවිය යුතු හේතුන් ගේ අවභෝදය දැකීමයි. සියලු සංකත ධර්මයන්ගේ හේතුන් සකස් නොවීමට ප්‍රඥාවෙන් දකිනා නිරෝද ඥානය පිළිසිඳ දැකීමයි.
සංකත ධර්මතාවයන්ගේ යතාභුත භාවය සම්මාදිට්ටියෙන් දැකීම තුලින් ප්‍රත්‍යයන්ගේ නිරෝධය සාක්ෂාත් කරගන්නා
අතර ප්‍රත්‍යයන්ගේ නිරෝධය.... සාපේක්ෂ ඵලයෙහි නිරෝධයත් ඉන් පටිච්ච සමුප්පන්නවන සියලු සංකතයන්ගේ
නිරෝධයෙන් අසංකත භාවය (ඵලයක් විද්‍යාමාන වීමට හේතු නැති) වන නිර්වානය සාක්ෂාත් වීමයි.

"යමෙක් පටිච්චසමුප්පාදය දකියි ද ඔහු ධර්මය දකී" යයි බුදුන් වදාළේ එබැවිනි.

පටිච්ච සමුප්පාදය සහ පටිච්ච සමුප්පන්න ධර්මතා සකස්විමත් නිරෝදයත් පිලිබඳ ඉතා වැදගත් දේශනයකින්, බුදුන් වදාළ අයුරින් දහම පෙන්වීමට වෙරදරන දේශකයාණන්ගේ ධර්මාවභෝදය තව තවත් දියුණු වේවා....! සියලුදෙනාගේ දහම් ඇස පෑදෙවා....!

තෙරුවන් සරණයි.

Date of recording: 
10.08.2013