You are here

අඩි හයක් උස සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2015 නොවෙම්බර් 01 දින නිරාවරනය වු වග

ravi's picture

ඔබ සැමගේ දායකත්වයෙන් බොහෝ බාධක මැද සකස් කරන ලද සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ 2015 නොවෙම්බර් 01 දින නිරාවරනය වු වග දැනුම් දෙන්නෙ ඉමහත් බුද්ධාලම්බන ප්‍රීතියෙනි. ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් මෙයට වසර හතළිහකට පමන ප්‍රථම රෝපිත, බෞධයන්ට යා නොහැකිව වල්වැදී තිබු ස්ථානයක, මෙය ඉදිකිරිමට ලැබීම අප සැම ලැබූ මහත් භාග්‍යයකි. ත්‍රීකුණාමලයෙන් මුලතිව් දෙසට කිමි: 50ක් පමන යනවිට හමුවන පුල්මුඩේ හන්දියේ සිට, අනුරාධපුර/මැදවච්චිය/මුලතිව් මාර්ගයේ කි:මි 4ක් පමන යන විට ප්‍රධාන මාර්ගය අසල, ශාන්තිපුර යන ස්ථානයේ(ග්‍රාමයේ) මෙය ඉදිකර ඇත. Read More click karanna
සියයකට අධික භාවනා යෝගීන් ඇතුළු පිරිසක් මධ්‍යයේ මෙදින සවස පැවැත්වූ බුද්ධ බෝධි වන්දනාවක් සහිතව මෙම පිළිම වහන්සේ නිරාවරණය කරන ලදී.
දින ගණනක් අද හැලුන ධාරානිපාත වර්ෂාව එදින පමණක් නැවතී අප පුජාව අවසන් කොට ආපසු පැමිණෙන විට නැවත ආරම්භ වීම මෙම ස්ථානයට අවේනික ආශීර්වාදයක් විය හැක. එයට දින පහකට පමණ පෙර, වසරකට වරක් පැමිණෙන ඇත් රාජයා, පිළිම වහන්සේට ඉහලින් අඩි 15ක පමන උසින් බෝ ඉති කීපයක් පමණක් කඩා තිබුනත් පිළිම වහන්සේට කිසිම හානියක් සිදු නොකිරීම තවත් ආශ්චර්යයකි.
අනාගතයේ මෙම ස්ථානයේ භාවනා මධ්‍යස්ථානයක් සහ විශ්‍රාම ශාලාවක් ඉදිවනු ඇත යනු අපගේ විශ්වාසයයි. ඒ සඳහා ද ඔබ සැමගේ නොමසුරු ආධාරය ලැබෙන බව අපගේ විශ්වාසයයි.
ත්‍රීකුණාමලයෙ සිට නිලාවැලි පුල්මුඩේ මුලතිව් මාර්ගයේ දක්නට ලැබෙන එකම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය සදහා සුළු වශයෙන් හෝ දායක වූ ඔබ සැමට, චිරාත් කාලයක් පවතින, දුටු පමණින් බොහෝ දෙනාගේ සිත පහන් කරන සහ වන්දනා මාන ලබන, අනාගතයේදී ස්වාමින් වහන්සේලා ගිහි පින්වතුන් ඇතුළු බොහෝ පිරිසකට බන භාවනා වල යෙදෙමින් ධර්ම මාර්ගයේ ගමන් කිරීම සඳහා ඉවහල් වන මෙවැනි ධර්ම දානයකට සහභාගීවීම නිවන් දක්නා තුරු විපාක දීමේ ශක්තිය ඇති මහානිසංස පුණ්‍ය කර්මයක් වනු ඇත.
මෙම ස්ථානය සහ අනෙකුත් යෝගාවචර ස්වාමින් වහන්සේලා වැඩ සිටින, තපස්සු භල්ලුක ගොඩ බසින ලද වෙරල තීරය ආශ්‍රිත අරිසිමලේ ආරණ්‍යයේ නායක ස්වාමින් වහන්සේගෙන් මේ පිළිබඳ වැඩි විස්තර ලබා ගත හැක. අන්‍ය ආගමිකයින් මධ්‍යයේ, තම දිවි පරදුවට තබා, මහත් සාසන මෙහෙයක් සිදුකරන උන්වහන්සේට තව තවත් ශක්තිය ධෛර්ය සහ ආරක්ෂාව ලැබීමට මෙම උතුම් පුන්‍යානුමෝදනාව හේතු වාසනා වේවා.
අරිසිමලේ නායක හිමි පූජ්‍ය පනාමුරේ තිලකවංස හිමි ( 0263266600, 0718562700).
උන්වහන්සෙගෙ අප්‍රතිහත ධෛර්ය සහ පුණ්‍ය මහිමය නිසාම වසර ගනනාවකට පසු මෙවර පුල්මුඩේ නගර මධ්‍යයේ (මහත් බාධක මැද) කටින පෙරහැරක් පැවැත්වීමට ලැබීම අප සැමට සතුටු විය හැකි තවත් කරුණකි. උන්වහන්සේ නිසා මෙවර ඒ අවට භාවනායෝගී ස්වාමින් වහන්සේලා (බොහෝ විට එක් වේලක් පමණක් වලඳමින් ප්‍රතිපත්ති පුරන) වැඩ සිටින ස්ථාන අටක කඨින පින්කම් නොවැම්බර් 1 දින සිට 5 දක්වා පැවැත්වේ.
ඔබ සැමගේ දායකත්වය උන්වහන්සෙට පමණක් නොව,බෞධයින්ට අහිමි වූ පෙදෙසක නැවත මග ඵලලාභීන් වහන්සේලා බිහි කරලීමට, බෞද්ධ පුනරුදයක් ඇති කරලීමට මහත් උපකාරී වනු ඇත.

Tags: