You are here

මගඵල ලැබීමට නම්, මාරයා හඳුනාගන්න --මාතර

ravi's picture

Comments

ravi's picture

"මාරයා" සම්බන්ධ දේශනාව ගොඩාක් වටිනවා රවී සර්. මම ඒ දේශනාවට හරිම කැමතියි. සර් ගොඩාක් හොඳින් පැහැදිලි කරනවා. මට ඒ දේශනාවෙන් වැටහෙන දේත් පොඩ්ඩක් සඳහන් කරන්නම්.

මාරයාව හඳුනා නොගැනීමම මාරයාට හසුවීමට හේතු වෙනවා. මාරයාව හඳුනා ගැනීමම මාරයාගෙන් නිදහස් වීමට හේතුවෙනවා.

"මම ඉන්නවා , බාහිර දේවල් තියනවා" කියලා මනසින් උපදින හැඟීම්, දැනගැනීම් වලට (මාරයාට) බැඳිලා ඒවාට හසුවී 'ඇත අන්තය' කරා යනවා. මාරයාගේ සීමාව තුළමයි. මාරයා ඉක්මවා ගිහින් නැහැ.
"මම නැහැ , බාහිර දේවල් නැහැ" කියලා මනසින් උපදින හැඟීම්, දැනගැනීම් වලට (මාරයාට) බැඳිලා ඒවාට හසුවී 'නැත අන්තය' කරා යනවා. මාරයාගේ සීමාව තුළමයි. මාරයා ඉක්මවා ගිහින් නැහැ.
ඒ වගේම "මෙසේ විය යුතුයි / මෙසේ නොවිය යුතුයි " කියලා මනසින් උපදින හැඟීම්, ආකල්ප වලට (මාරයාට) බැඳිලා ඒවාට හසුවී ඇලීම්, ගැටීම් කරා යනවා. මාරයාගේ සීමාව තුළමයි. මාරයා ඉක්මවා ගිහින් නැහැ.

මාරයාට හසුවෙන විට මාරයාට හසුවුණ බව සිහියෙන් හඳුනා ගනිමින් ක්‍රමක්‍රමයෙන් මාරයාගේ ග්‍රහණයෙන් නිදහස් වීම, මාරයාගෙන් නිදහස් වෙන මාර්ගය බවට පත්වෙනවා කියලයි මට හිතෙන්නේ.