You are here

කුසල් සහ අකුසල් උපදවන නීවරණ සහ සියළු නීවරණ දුරුවූ සමාධිය

(ගරුතර එල්ලාවල විජිතානන්ද හිමියන් විසින් පවත්වන ලද අනගි දේශනාවකි.)

ලෝකෝත්තර භාවයට පත්වීම යනු චතුරාර්‍ය සත්‍යය අවභෝදයෙන් සීල සමාධි ප්‍රඥා පදනම් වු ආර්‍ය්‍ය අෂ්ටාංගික මර්ගය වැඩිමයි.
නිවැරදි සීලයකින් කය වචනය සංවරවීමෙන් තැන්පත්වූ සිත, භාවනාවෙන් නීවරණයන් යටපත්කොටගත් සමාධියකින්
ලෝකෝත්තර දහම ප්‍රඥාවෙහි පිහිටුවීමයි.

ලෝකෝත්තර ධර්මයන් නිවරන සම්ප්‍රයුක්ත සිතකට ගෝචර නොවන, නීවරණ සංසිඳුනු සමාධිගත සිතකින් පමණක් අත්විඳිය හැක්කක් බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන් සේක.
ප්‍රඥාව වැඩීමට සමාදියක අවැසිබව ඇතිවන්නේ එහෙයිනි.

සිල් රැකීම බුදුන් පහළවීමට පෙර සිට පැවතියක් වූ මුත් ලෝකෝත්තර අරමුනකින් තොරවූ එකල සීල් රැකීම සීලබ්බත පරාමාසයන් වූ අතර, සමාධිය වැඩීම ලෝකෝත්තර අරමුනු පරයා යමින් අභිඥා වන් ලැබීම දක්වාද දියුණුව පැවතිනි. එනමුත් අප මහා මුනිවරයානෝ, අවැසි මෙවලමක් ලෙස ගනිමින්, ලෝකෝත්තර දහම ප්‍රඥාවෙන් දැක මාර්ගය වැඩිමට අවැසි සීමාවන්ගෙන් යුත් සීලය සහ සමාධියක් මාර්ගය වෙත පසක් කර දුනි.

සියුම්ව, සීලය ලෙස පෙනී සිටිමින්, අප නොමග යවනා, සීලබ්බත පරාමාසයන් හදුනා ගන්නා අයුරුත්, තම සිත සමාධිගතව ඇත්දැයි යන නිර්ණයන් තමාම හඳුනා ගන්නා සැටිත් දේශකයාණෝ මනාව මෙහි පැහැදිලිකරදේ.

දේශකයාණන් ගේ ධර්ම ඥානය තව තවත් වැඩේවා....!
සියලුදෙනාගේ දහම් ඇස පෑදේවා...!

තෙරුවන් සරණයි.

Date of recording: 
23.11.2013
Tags: