You are here

අභ්‍යන්තරයෙහි විද්‍යාමානවන භාහිර ලෝකය

පෙර අවිද්‍යාසම්ප්‍රයුක්ත කර්මයත් තණ්හාවත් ආහාරයත් හේතුව හටගැනුනු මෙම ආයතනයන්, මෙතෙක් අප සංසාරයෙහි අවිද්‍යාව සම්ප්‍රයුක්තව ආ ගමනේදී අත්විඳි ලෝකයම නැවත අත්වින්දවිමට ඔබින අයුරින් මෙවරත් සැකසී සිටි. එය, සසරෙහි බුදු නුවනක් හමු නොවූ හේතුවෙන් සම්මා දිට්ඨියක් හමුනොවිමෙන්, අවිද්‍යා සහගත පැවැත්මම අදහමින්, තෘෂ්ණාවෙන් උපාදාන කරගත් භව ගමනනෙහි නවතම නිපැයුමයි.

පුන්‍යානුභාවයෙන් මෙවර සම්මා සම්බුදු වරයකුගේ දහම හමුවන අපහට මෙතෙක් අත්විඳි ලෝක ස්වභාවය උඩුයටිකුරු වන දහමක් ඇසේ.
එනම් ලෝකය පවතින්නේ බහිරයෙහි නොව බඹයක් පමණ වූ ශරීරය තුලම බවත් ලෝකය යනු ආයතනයන්ගෙන්ම ආද්යාත්මිකව හටගත් මහා රැවටීමක් බවකි.

යතාභුත පැවැත්මෙහි ස්වභාවය අභ්‍යන්තර හෝ බාහිර ප්‍රබෙදයකින් තොර සතරමහා භූත ගති පැවැතුම් ස්වභාවයක ක්‍රියාදාමයක් බවත්, සියල්ල හේතුන් නිසා හටගන්නා හේතුන් නිරෝද වන්නේනම් නිරෝධ වන ක්‍රියාදාම ධර්මතාවයක් බවකි.

මෙවැනි පැවැත්මක්තුල අවිද්‍යාව හේතුවී හටගත් ආයතනයන්ගෙන් ලෝකයක් අතවිඳිමින් තන්හාවෙන් උපාදානය කරගත් භව පැවැත්මක, සත්වයා කිනම් මුලාවක සිරවී සිටීද?

Date of recording: 
23.11.2013
Tags: