පෘතග්ජන මනසෙහි ලෝකය බාහිරව දැකීමේ
හුරුව සහ බුදුන් හෙලිකල 'පැවැත්මෙහි යථාභුතබව'
(යථාභූත ඥානය)
පෘතග්ජන මනස අවිද්‍යාව හේතුවෙන්, ආශ්‍රවයන්ගේ පෙළඹවීමෙන් සහ
(සම්මා දිට්ටියෙන්)ආයතනයන් පිළිසිඳ නොදැකීමත් හේතුවෙන් ලෝකය
බාහිරින්ම දැකීමට හුරුවී ඊට පටිච්ච සමුප්පන්න සංකාර, කාර්ම පලයන්
අත්විඳිමින් සසර සැරිසරයි.
පෘතග්ජන මනෝ හාවයෙහි හුරුව..........
ප්රතිසන්ධි කර්මයන්ට පටිච්ච සමුප්පන්නව විද්‍යාමානවී ඇති ආයතනයන්(ප්‍රතිසංදී භවාංගයෙහි උපාදාන භුමියෙහි හැකියාවන්ට පමණක් සීමාවූ) පිලිබඳ අනාවභෝදයෙන්.....
ආයතනයන්ගේ අනිච්ච තාවයෙහි අනාවභෝදය සහ ආයතනයන් ආත්මීය බවකින්
ජීවිතය කර ගැනීමෙන්.......
ආයතන එකිනෙකෙහි කෘත්යසිමා පටලවා ගැනීමෙන්.......හා
ආයතන අරමුණු ස්පර්ශ, පන්චුපාදානස්කන්දය මගින් සංස්කරණය වන්නක් බව නොදැකීමත් යනාදී හේතූන්ගෙන්....
විඥානයෙහි උපදිනා මෙම ආද්‍යාත්මික චෛතසික හරඹයෙහි පිළිඹිබුව බාහිරයේ පවතින්නක් බවටම අදහමින් එය ජීවිතය වී...... අකණ්ඩව කර්මයන්, භවයන්
නිර්මාණය කරගනිමින් සංසාරයෙහි සැරිසරයි.
අවිද්‍යාව හේතුපාදකව පවතින මෙම සමුදයෙහි නිරෝධය...... සම්මා දිට්ටියෙන්
ආයතන පිළිසිඳ දැකීමත් එයින් පටිච්ච සමුප්පන්න වන ස්පර්ශ නිරෝධයත් බව
සහ .....නිරෝධ මාර්ගය ආර්ය අෂ්ටාංගික මර්ගය වැඩිමම බවත් මෙම
දේශනයෙන් මනාව වටහා දේ.
දේශක තුමාගේ ධර්ම ඥානය වැඩේවා.....!
සියලුදෙනාගේ ධර්ම ඇස පෑදෙවා....!
තෙරුවන් සරණයි.
෴.
Comments
mp3 part 1
mp3 file has more complete version of the first part