"කතමඤ්ච් භික්ඛවෙ! දුක්ඛං අරිය සච්චං? පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනියං, සෙය්‍යථීදං? රූපුපාදනක්ඛන්ධො, සඤ්ඤුපාදනක්ඛන්ධො, සංඛාරුපාදනක්ඛන්ධො,
විඤ්ඤාණුපාදනක්ඛන්ධො ඉදං වුච්චති භික්‌ඛවෙ! දුක්ඛං අරියසච්චං"
මෙහි තේරුම මෙසේය :-
" මහණෙනි දුඃඛාර්ය්‍ය සත්‍යය කවරේද? මෙසේ අසතහොත් එයට පිළිතුරු වශයෙන් පඤ්චෝපාදානස්කන්දයෝයයි කියයුතු වන්නේය.
ඔවුහු කවරහුද?... රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඥෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය යන මොහුය. මහණෙනි මෙය දුඃඛාර්ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.
පෘතග්ජන සත්වයා කල්පාන්තරයක් සසර සැරිසරන්නේ චතුරාර්ය සත්‍යය පිලිබඳ උතුම් ධර්මාවභෝදය ගෝචර නොවිම හෝ හමුනොවීම හේතුවෙනි. දුක පිළිසිඳ නොදකින සත්වයා අවිද්‍යාව ජීවිතය කරගනිමින්.... අයෝනිසෝමනසිකාරයෙන්.... සැප නැමැති ආවරණයෙන් දවටා... දුක... සැපක්සේ පරිහරණය කරයි. අවිද්‍යාව හේතුවෙන් ආවරණය වී ඇති සසරෙහි දුක් බව නොදකිමින්, කිසිදිනක හමුනොවූ සැපම ලුහුබඳිමින් සදාකල් දුකම අත්විඳී.
අත්විඳිනාලද , ඇතිබවක් දකිනාලද දුකෙහිද.... දුක්ක සමුදයෙහි යතාබුත හේතුන් නොදන්නාකමින් දුකෙහි නිරෝදයක් ඇතිබවක් චායා මාත්‍රයකින් හෝ නොදකී. එකල්හී, දුක්ඛ සමුදයෙහි බාහිරයෙන් දකිනා හේතුන් මිස දුක අභ්‍යන්තරයෙහි සකස්වන මුලයන් ගැන වැටහීමක් කෙසේනම් දකීද ?
දුක්ඛ සමුදය, අවිද්‍යාවත් ආයතනයන්ගේ මුලාවත් හේතුපාදකව සකස්වුනු පංච උපාදානස්කන්දයම බව උතුම් බුද්ධ දේශිතයයි.
දුක පිළිසිඳ දැකීම යනු උතුම් බුද්ධ දේශිතයෙහි අවබෝධයෙන් ලබනා සම්මා දිට්ධියයි. යෝනිසෝමනසිකාරයෙන් දුක පිළිසිඳ දැකීමම දුක්ක සමුදය පිළිසිඳ දැකීමයි, දුක්ක නිරෝදයත් නිරෝද මාර්ගයත් පිළිසිඳ දැකීමයි.
ආයතනයන්ගේ මුලාවත් ලෝබ, ද්වේශ, මෝහ, මුලයන්ගේ හෙතුපාදකව උපාදානය වන පංච උපාදානස්කන්දය සියලු දුක්කයන්ගේ සංස්කාරකයායි.
එනම් පංච උපාදානස්කන්දය නිරෝදය දුක්ඛයාගේ නිරෝදය බවත්, එනම් ආයතන පිළිසිඳ දැකීම තුලින් ලබනා ස්පර්ශ නිරෝධය දුක සංස්කරකයා වන පන්චුපාදාන ස්කන්දයන්ගේ නිරෝදය බව පෙලින් පෙළ පැහැදිලිව මෙම දෙසනාවෙන් වටහා දේ.
රවී කොග්ගලගේ උතුම් කල්‍යාන මිත්‍රයානන්ගේ ධර්මඥානය දිනෙන්දින වැඩේවා!
සියල්ලන්ගේ ධර්ම ඇස පැදේවා.
තෙරුවන් සරණයි.