You are here

සිංහල

ravi's picture

පිළිකුල් භාවනාව

ravi's picture

මෛත්‍රී භාවනාව

ලෝකය බාහිරව දැකීමේ හුරුව

පෘතග්ජන මනසෙහි ලෝකය බාහිරව දැකීමේ
හුරුව සහ බුදුන් හෙලිකල 'පැවැත්මෙහි යථාභුතබව'
(යථාභූත ඥානය)

පෘතග්ජන මනස අවිද්‍යාව හේතුවෙන්, ආශ්‍රවයන්ගේ පෙළඹවීමෙන් සහ
(සම්මා දිට්ටියෙන්)ආයතනයන් පිළිසිඳ නොදැකීමත් හේතුවෙන් ලෝකය
බාහිරින්ම දැකීමට හුරුවී ඊට පටිච්ච සමුප්පන්න සංකාර, කාර්ම පලයන්
අත්විඳිමින් සසර සැරිසරයි.

පෘතග්ජන මනෝ හාවයෙහි හුරුව..........
ප්‍රතිසන්ධි කර්මයන්ට පටිච්ච සමුප්පන්නව විද්‍යාමානවී ඇති ආයතනයන්(ප්‍රතිසංදී භවාංගයෙහි උපාදාන භුමියෙහි හැකියාවන්ට පමණක් සීමාවූ) පිලිබඳ අනාවභෝදයෙන්.....

Date of recording: 
2013-06-01

දුක්ඛ ආර්ය සත්‍යය

"කතමඤ්ච් භික්ඛවෙ! දුක්ඛං අරිය සච්චං? පඤ්චුපාදානක්ඛන්ධාතිස්ස වචනියං, සෙය්‍යථීදං? රූපුපාදනක්ඛන්ධො, සඤ්ඤුපාදනක්ඛන්ධො, සංඛාරුපාදනක්ඛන්ධො,
විඤ්ඤාණුපාදනක්ඛන්ධො ඉදං වුච්චති භික්‌ඛවෙ! දුක්ඛං අරියසච්චං"

මෙහි තේරුම මෙසේය :-
" මහණෙනි දුඃඛාර්ය්‍ය සත්‍යය කවරේද? මෙසේ අසතහොත් එයට පිළිතුරු වශයෙන් පඤ්චෝපාදානස්කන්දයෝයයි කියයුතු වන්නේය.
ඔවුහු කවරහුද?... රූපෝපාදානස්කන්ධය, වේදනෝපාදානස්කන්ධය, සංඥෝපාදානස්කන්ධය, සංස්කාරෝපාදානස්කන්ධය, විඥානෝපාදානස්කන්ධය යන මොහුය. මහණෙනි මෙය දුඃඛාර්ය්‍ය සත්‍යයයි කියනු ලැබේ.

භාවනාව සමාධිය සහ ධ්‍යාන වැඩීම

11.05.2013 දින නුගේගොඩ සුභද්‍රාරාමයේදී ආචාර්ය රවී කොග්ගලගේ මහතා විසින් පවත්වනු ලැබූ සාකච්චාමය ධර්ම දේශනාව.

මෙහිදී ආරම්භයේදී අසනලද ප්‍රශ්ණයකට පිළිතුරු වශයෙන්, භාවනාව සහ ධ්‍යාන වැඩිම ගැන පැහැදිලි කිරීමක යෙදුනි. සමාධියෙන් ධ්‍යාන වලට සමවැදීමට හුරු කරගන්නා ලද සිත, වඩනාලද මට්ටමට අනුව මරණයේදී පටිච්චසමුප්පන්න වන ප්‍රතිසන්ධි සහ ප්‍රතිසන්ධි ලබන්නාවූ භූමින්ගැන විස්තර කිරීමක යෙදුනි.

දුක පිලිබඳව වදාල ධර්ම දේශණාවක්

පළමුව ස්වාමීන් වහන්සේ නමක් විසින්, දුක පිලිබඳ විස්තරයක් මෙම ධර්ම දේශණාවේ දැක්වේ. දෙවනුව, ධර්ම සාකච්චාවක් පැවැත්වේ.

Subscribe to RSS - සිංහල